Tuesday, October 10, 2017

රට යන්න ගිය සැමියා දවස් ගාණක් ඇද යට ඉදලා බිරිද දන්නෙත් නෑ පොලීසියත් පුදුම වෙයි

බිරිඳගේ අනියම් ඇසුරක් අතටම හසු කර ගැනීමට දින කිහිපයක් නිවසේ ඇඳක් යට සිටි සැමියෙකු පිළිබඳ මහනුවර ප්‍රදේශයෙන් වාර්තාවෙයි
සිද්ධිය මෙසේය
පොලිස් හදිසි ඇමතුම් 119 අංකයට කාන්තාවක් විසින් දෙන ලද ඇමතුමකට අනුව කියැවී ඇත්තේ තම නිවසේ නිදන කාමරයේ ඇඳක් යට කිසියම් නාඳුනන පුද්ගලයකු සැඟව සිටින බවකි
ඒ අනුව මහනුවර නගරයට නුදුරු පොලිස් ස්ථානයක නිලධාරීන් වහාම එහි ළඟා වී තිබේ
එහිදී ගෙහිමි කාන්තාව ප‍්‍රකාශ කර ඇත්තේ තම සැමියා දින කිහිපයකට පෙර විදෙස්ගත වූ බවත් තමා පියා සමග නිවසේ ජීවත් වන බවත්ය
රාත‍්‍රී මල් පහන් පූජා කිරීමට නිවසේ උඩුමහලට ගිය බවත් එම අවස්ථාවේ කිසියම් පුද්ගලයකු නිවසේ නිදන කාමරයේ ඇඳ යට සැඟව ඇති බව දුටු බවය
පොලිස් නිලධාරීන් ඇඳ යට පරීක්ෂා කොට සැඟව සිටි පුද්ගලයා එළියට ගෙන තිබේ. එහෙත් එම අවස්ථාවේ සියල්ලන්ම මවිතයට පත්ව ඇත්තේ විදෙස්ගත වීමට ගිය එම කාන්තාවගේ සැමියා එසේ සැඟව සිටීමයි
සිද්ධිය සම්බන්ධයෙන් ඔහු පොලිසියට ප‍්‍රකාශ කර ඇත්තේ බිරියගේ අනියම් ඇසුරක් පවතින බවත් එය අල්ලා ගැනීමට මෙසේ ඇඳ යට සැඟව සිටි බවත්ය
මෙවැනි මිනිසකු සමග තවත් දීග කෑමට නොහැකි යයි පැවසූ බිරිය එම අවස්ථාවේම ත‍්‍රිරෝද රථයක් ගෙන්වා ඇයගේ අනියම් සැමියා සොයා ගොස් තිබේ
පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

No comments:

Post a Comment

මේක අමුලික බොරුවක් මම ගවුම ඉස්සුවේ අතවර කරන්න නෙවෙයි මයිනා හොයන්නයි උසාවියම පිස්සු වට්ටපු දුෂණ නඩුව මෙන්න

පිහියක් රැගෙන කාන්තාවකට ලිංගික අතවර කරන්නට නිවසකට රිංගූ බව කියන අයෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී සැකකරුගේ නීතීඥයා සඳහන...