Saturday, October 28, 2017

මේක අමුලික බොරුවක් මම ගවුම ඉස්සුවේ අතවර කරන්න නෙවෙයි මයිනා හොයන්නයි උසාවියම පිස්සු වට්ටපු දුෂණ නඩුව මෙන්න

පිහියක් රැගෙන කාන්තාවකට ලිංගික අතවර කරන්නට නිවසකට රිංගූ බව කියන අයෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී සැකකරුගේ නීතීඥයා සඳහන් කළ අපූරු කරුණක් වාර්තා වෙනවා.
එහි දී ඔහු සඳහන් කර තිබුණේ සැකකරු නිවසට ඇතුළු වූයේ අදාළ කාන්තාවට අතවර කිරීමට නොව සැකකරුට අයත් මයිනෙකු සෙවීම සඳහා බව යි.
සැකකරුගේ නීතීඥයා වූ අමිල නාවලගේ මහතා පවසා ඇත්තේ මෙවැන්නක්.
“ස්වාමීනි! මෙය අමූලික බොරු නඩුවක්. මගේ සේවාදායකයා පැමිණිලිකාරියට ලිංගික අතවරයක් කිරීමට පිහියකුත් අතැතිව ඇගේ නිවසේ මුළුතැන්ගෙයට එදා කඩා වැදුනේ නැහැ. දෙගොල්ලෝම ඥාතීන්. නමුත් විරසක වෙලා සිටිනවා.
මගේ සේවාදායකයාගේ බිරිය හුරතලයට මයිනෙක් ඇතිදැඩි කළා. මේ මයිනා කූඩුව ඇරගෙන පලා ගියා. ඉඩමේ කෙසෙල් අතු කපමින් මගේ සේවාදායකයා පිහියක් අතැතිව සිටියා. ඔහුගේ බිරිඳ මයිනා පැනලා ගියා කියා කෑගැසුවා.
එවිට මගේ සේවාදායකයා එම ඉඩමේ තාප්පයෙන් පැන පැමිණිලිකාරියගේ නිවසට ඇතුළු වී සිටි මයිනා අල්ලා ගන්න කුස්සිය පැත්තෙන් ඇතුළු වුණා. පිහියක් අතැතිව ගෙට පැමිණි මගේ සේවාදායකයා දුටු පැමිණිලිකාරිය මරළතෝනි දුන්නා. ඇයට ලිංගික අතවරයක් කිරීමට මගේ සේවාදායකයා ගියේ නැහැ.”
සැකකරු උසාවියට ඉදිරිපත් කළ පානදුර පොලීසියේ සැරයන් ආනන්ද මහතා අධිකරණයට කරුණු දක්වා ඇත්තේ මෙසේ යි.
“ස්වාමීනි! නීතීඥවරයා කියන්නේ අමූලික බොරුවක්. සැකකරු පිහියක් අමෝරාගෙන ගෙට පැන කාමරයේ සිටි පැමිණිලිකාරියගේ ගවුම ඉස්සූ බවට සාක්ෂි තිබෙනවා.”
එවිට සැකකරුගේ නීතීඥ මහතා “මයිනා හොයන්න වෙන්නැති” යනුවෙන් පවසා ඇති බව යි වාර්තා වන්නේ.

Monday, October 23, 2017

වසර 28ට පසු තමන්ගේ අම්මව බලන්න ආපු දියණිය තමන්ගේ අම්මා තනියම ජීවත්වුණු කුඩා නිවස බලෙන්ම අරගෙන අම්මව ගෙදරින් එළවලා දැම්මා .මෙවැනි දේ කරන දරුවන්ට කරන්න ඕනේ දේ



මෙවැනි දේ කරන දරුවන්ට කරන්න ඕනේ දේත් ඔබම තීරණය කරන්න
වැඩිහිටයන්ට සැලකීම ගෞරව කිරීම උතුම් ගුණාංගයක්. වසර 28 කට පසුව තම 81 හැවිරිදි මව බලන්නට පැමිණි බාල දියණිය සිය මව ජීවත් වන කුඩා නිවස බලහත්කාරයෙන් අත්සන් ලබාගෙන පවරාගත් ශෝචනීය පුවතක් පදියපැලැල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
එන්. එන්. පී. ජී. චන්ද්‍රවතී හාමිනේ නමැති මෙම මව දරුවන් හය දෙනෙකුගේ මවක්. ඒ දියණියන් තිදෙනෙක් සහ පුතුන් තිදෙනෙක්. මෙම මව දැනට වසර 08 ක පමණ කාලයක් කිසිඳු දරුවෙකුගේ හවුහරණක් නොමැතිව තනිව ජීවත් වෙනවා.එසේම මීට වසර 20 කට පෙර සිදුවූ ඇයගේ සැමියාගේ මළගමටවත් ඔවුන් සහභාගී වී නොමැත.
තම සැමියාගේ වියෝවෙන් පසුව කුලී වැඩ කරමින් ජීවිතය ගැටගසා ගත් ඇයට වැඩ කිරීමට තරම් ශක්තියක් නොමැත. මේ වන විට තමන්ට ලැබෙන ජ්‍යෙෂ්ඨ පුරවැසි දීමනාවෙන් ජීවිතය ගැටගසා ගන්නා ඇය පිළිබඳ සොයා බලන්නේ සිය බාල නැගෙනියක විසිනි.
ඇයට සිදුවූ මෙම අසාදාරණය ඇය පුවත්පතකට ප්‍රකාශකර තිබුනේ මෙලෙසින්.
“…හෝමාගම කලල්ගොඩ ප්‍රදේශයේ පදිංචි වී සිටින මගේ බාලම දියණිය අවුරුදු 28 කට පසුව මාව බැලීමට ඇයගේ අනියම් සැමියයි, ළමයිනුත් එක්‌ක ආවම මට පුදුම හිතුණා. දින දෙක තුනක්‌ ඉඳලා ඒ අය ආපසු ගියා. ඒ ගිහින් සති දෙකකට පසුව දෙවැනි වතාවටත් ආවා. ඒ ආව වතාවේදී ඇය කීවා “…අපි මේ ගේ කඩලා හදන්නයි හිතාගෙන ඉන්නේ. මේකට බාත්රූම් හදල, ටයිල් කරල දෙන්නම්. එතකල් ගෙදරට උඩින් ටකරම් දාලා පොඩි මඩුවක්‌ අම්මට හදල දෙන්නම්…” කියලා. මම ඒකට තදින්ම විරුද්ධ වුණා.
“…පදියපැලැල්ල නගරයට අලුතින් හදන පාලම ඉදිකරන්නේ අපේ ගෙදර ළඟින්. ඒවට අපේ ඉඩමත් අහුවෙන නිසා වන්දියක්‌ දෙන බවට ආරංචියි. මේ ආරංචිය ඇයටත් දැන ගැනීමට ලැබිල තියෙනවා. ඇය අවුරුදු 28 කට පස්‌සේ මාව බලන්ට ආවේ ඒ වන්දිය ලබාගැනීමට කියලයි මම හිතන්නේ.
“…දෙවැනි වතාවට ආවට පස්‌සේ එයා මට හෝමාගම ඇගේ ගෙදරට එන්න කියල බල කළා. ඊට පසු මම එහේ යන්න කැමති වුණා. මගේ ජ්‍යෙෂ්ඨ පුරවැසි දීමනාවත් ඇය අරන් ආපසු කොළඹ ගියා. ඊට දින දෙකකට පසුව මම තනියම කොළඹ බස්‌ එකේ පිටකොටුවට ගියා. දුව පිටකොටුවට ඇවිත් මාව ඇයගේ හෝමාගම ගෙදරට එක්‌කගෙන ගියා.
එහේ දින දෙකක්‌ විතර හිටියා. රෑට දාඩිය දාන නිසා ෆෑන් එක තදින්ම එළිවෙනකල් දාල තිබුණු හින්දා උදේ වෙනකොට මට හුස්‌ම ගැනීමට අපහසු වී හොඳටම අසනීප වුණා. පසුව මම හෝමාගම රෝහලට ඇතුළු කළා. රෝහලේ දින 07 ක්‌ නැවතී හිටියා. ටිකට්‌ කපාගෙන ගෙදර ඇවිත් දින දෙකකට පසුව මගේ බාල දුවයි ඇයගේ අනියම් සැමියයි මාව පෙරකදොරුවෙක්‌ ළඟට එක්‌කගෙන ගියා.
ඒ වන විටත් මම අසනීප ගතියෙන් හිටියේ. ඒ අය මට කීවා මගේ ගෙදර ඒ ගොල්ලන්ට ‘උපකාරෙට’ ලියල දෙන්ට කියලා. මම ඒකට අකමැති වුණා. එතකොට පෙරකදොරු මහත්තයා කීවා “අම්මා බයවෙන්ට එපා. අම්මට ඕනැ වෙලාවක මේක අවලංගු කරන්ට පුළුවන්…” කියලා. දුවයි – සැමියයි දිගින් දිගටම බල කළ නිසා මම බයටම අත්සන් කළා.
ඔප්පුව ලියාගෙන දින දෙකකට පසුව මම නුවරට ගෙනත් දාල ඒ අය ගියා. මම තනියම පදියපැලැල්ලට ආවා. හැබැයි මට ගෙදර මුල් ඔප්පුව දුන්නේ නැහැ. මගේ සහෝදරියෝ කීවා මාව රවටාගෙන ගෙදර ලියාගෙන තියෙනවා කියලා. මට මුල් ඔප්පුව අවශ්‍ය නිසා ඒ ගැන මතුරට පොලිසියට පැමිණිලි කළා. ඊට පසුව දුව මතුරට පොලිසියට ගෙන්නුවා. එතැනදී දුව කීවා “මට මුල් ඔප්පුව දෙන්ට බැහැ කියලා”. මට ෆොටෝ කොපියක්‌ දුන්නා.
ඒ ඔප්පුවට අනුව වංචනිකව මගේ ගෙදර ලියාගෙන තිබෙන බව පැහැදිලියි. දැන් දුවගේ අනියම් සැමියා දුරකථනය මඟින් මට හැමදාම මරණ තර්ජන කරනවා. ගෙදර ආපහු ඕනෑනම් ලක්‌ෂ අටක්‌ දීපන් කියලා…” අසරණ මට කොහෙන් ලක්‌ෂ ගාණක්‌ මුදල් දෙන්නද? පොලිසිය කියන්නේ දිසා අධිකරණයේ නඩුවක්‌ පවරන්න කියලයි
ඒ අය කීවා අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කරන්න කියල. තනි මම මොනව කරන්නද? මේ ගැන මම පුතාලට දැන්නුවම ඒ අය කියනවා ගෙදර ලියල දුන්න නම් එයත් එක්‌කම බලාගන්න කියලා. මට දැන් තනියම යන්න අමාරුයි. ඇවිද ගන්නත් බැහැ. මම අධිකරණ ඇමැතිතුමියගෙන් ඉල්ලා සිටින්නේ මට සිදුවුණු මේ අසාධාරණය ගැන හොයල බලලා අසරණ මට පිහිටක්‌ වෙන්න කියලයි”.

යුරේනි ලයිව් වැඩසටහනකදී කවුරුත් පුදුම කරමින් නිවේදකයාගේ රහස් පෙදෙස අල්ලා අමුතු දෙයක් කරයි මෙන්න බලන්නකෝ






Wednesday, October 18, 2017

පෙම්වතිය හමු වූ පළමු දිනයේම ඇය සමග ලිංගිකව එක් වී පෙම්වතිය කිව්ව දේ නිසා පිහිය අතට ගත් පෙම්වතා

ෆේස්බුක් හරහා මුණගැසුණු පෙම්වතිය හමුවූ පළමු දිනයේම පෙම්වතා විසින් ඝාතයන කළ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.ආදාළ සිදුවීම වාර්තා වන්නේ තායිලන්තයෙන්.මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 22 හැවිරිදි තරුණියක් බවටයි විදෙස් මාධ්‍ය වාර්තාකර ඇත්තේ.ඝාතනය සිදුකළ තරුණයා 23 හැවරිදි වියේ පසුවන අතර ඔහු සති දෙකක කාලයක් තිස්සේ අදාළ 22 හැවිරිදි තරුණිය සමඟ ෆේස්බුක් ඔස්සේ පණිවුඩ හුවමාරු කරගෙන තිබෙනවා.අනතුරුව ඔවුන් හමුවීමට තීරණය කර ඇති අතර තරුණයා පැය දෙකක ගමනකින් පසුව තරුණිය සිටින ප්‍රදේශයට පැමිණෙනවා.
ඒ තමන් සතු moped වර්ගයේ යතුරු පැදියෙන්.පසුව ඔවුන් දෙදෙනා මුණගැසෙන අතර එහිදී ඔවුන් කාමරයකට යාමට මුදල් සොයාගැනීමට උත්සාහ කලද ඒ සඳහා ප්‍රමාණවත් මුදල් ඔවුන් සතුව නොතිබීම හේතුවෙන් ඔවුන් එම අදහස අත්හැර දමා ඇති බවටයි විදේස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.පසුව මොවුන් දෙදෙනා ඒ ආසන්නයේ ඇති රබර් වතු යායයකට ගොඅ ඇති බවයි අනාවරණ වී ඇත්තේ.එහිදී ඔවුන් ලිංගිකව එක්වී ඇති බවයි පසුව අනාවරණ වී ඇත්තේ.
ඒ අතරතුර තරුණිය විසින් තරුණයාට ප්‍රකාශ කර ඇත්තේ තමන් තෘප්තිමත් කිරීමට තරම් ප්‍රමාණවත් ජවයක් ඔහුට නොමැති බවයි.එම ප්‍රක්ෂයට දැඩි ලෙස කෝප වූ එම තරුණයා විසින් තරුණියගේ ගෙළ කපා ඝාතනය කර මල සිරුර එහි ඇති ඇලකට දමා පසුව තරුණයා එම ස්ථානයෙන් පලාගොස් තිබෙනවා.මෙම තරුණියගේ මළසිරුර දිනදෙකකට පමණ පසුව ඇල මාර්ගයේ තිබී සොයාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ.
අනතුරුව CCTV දර්ශන ඔස්සේ සිදුකළ පරීක්ෂණවලදීයි අදාළ තරුණිය සැකකාර තරුණයාගේ යතුරුපැදියේ නැගී යන අයුරු දැක විමර්ශන ආරම්භකර ඇත්තේ.ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගෙන විශේෂ පරීක්ෂණයක් ආරම්භකර තිබෙනවා.

Thursday, October 12, 2017

බල්ලෙක් සමග විවාහ වෙන්න යන කාන්තාවක් මිට කලින් පූසෙක් එක්කත් විවාහ වෙලා

ඕලන්දයෙන් කාන්තාවක් සුරතලයට ඇතිකරන තම සුනඛයා විවාහ කරගැනීමට සැරසෙන බවට පුවතක් වාර්තා වෙනවා. ඇය නමින් නොමිනික් ලෙස්බිරල් නම් වන අතර, ඇගේ වයස අවුරුදු 41යි.මීට වසර අටකට පෙර ඇය පූසෙකු සමග විවාහ වී සිටි බවයි වාර්තා වැඩි දුරටත් අනාවරණය කරන්නේ.
ඩොරැක් නම් වූ එම පූසාට පසුකාලයක ඇතිවූ වකුගඩු ආබාදයක් හේතුවෙන් මියගොස් තිඛෙනවා. ලෙස්බිරල් මේ වන විට තම නව ආදරවන්තයා සමග ජීවත් වන අතර, නුදුරේදීම ඔහුව විවාහ කරගැනීමට අපේක්ෂාවෙන් සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරන්නේ.
ලෙස්බිරල් හා ඇගේ නව ආදරවන්තයාගේ පින්තුර කිහිපයක් ඔබට පහතින් දැකගත හැකියි.

යුරේනි

හැඩකාර, දඟකාර, කටකාර, ජනප්‍රිය නිළි යුරේනි නොෂිකා ගැන මේ දවස්වල වැඩි වශයෙන් කතා කරනවා. ඒ ඇය එළි දැක් වූ අලුත් ගීතය නිසාවෙන්. යුරේනි කියන්නේ කවුරු වුණත් අහන දේකට බයක් සැකක් නැතිව කෙලින් උත්තර දෙන කෙනෙක්.
මේ ඇය පසුගිය දිනෙක මාධ්‍ය විමසූ ප්‍රශන කිහිපයකට ලබාදුන් පිළිතුරු කිහිපයකි.
යුරේනි කාට හරි ආදරේ කරනවද? – නෑ.
ඇයි ඒ? – තාම ආදරේ කරන්න තරම් හිතට දැනිච්ච කෙනෙක් නෑ.
රඟපෑමට තියෙන්න ඕන මූලික සුදුසුකම ඇඟ පෙන්වීම ද? – අපෝ නෑ.
යුරේනි රංගනයට පිවිසෙන්නේ කොහොමද? – මීට අවුරුදු 10කට කලින්. 2007දී.
යුරේනි ආදරෙන් පරාද වෙලා තියෙනවද? – අම්මෝ අනන්තවත්.
මැරෙන්න හිතිලා නැද්ද? – හිතිලා තියෙනවා. මෝඩකං කරලත් තියෙනවා.
එකක් දෙකක් මතක් කරමු ඒ ගැන…? – එතකොට මට අවුරුදු 21යි. මගේ පළවෙනි බෝයිෆ්‍රෙන්ඩ් මාව දාලා ගියාට පස්සේ මම පැනඩෝල් බිව්වා. හරිම ගොං, දැන් මතක් වෙනකොටත් හිනා යනවා.
රාගය ඇති වෙලා තියෙනවද? – අනිවාරයෙන්ම, මොකද මම මනුස්සයෙක්.
යුරේනි කැමතිම රංගන ශිල්පීන් තිදෙනෙක් ගැන කියන්න. – සාරංග දිසාසේකර, බිමල් ජයකොඩි සහ කලණ
මේ තුන්දෙනාගෙන් එක්කෙනෙක් යුරේනිට බඳින්න ලැබෙනවා. – බුදුහාමුදුරුවනේ තුන්දෙනාම බැඳලා. පවුල් කඩාකප්පල් කරන්න බෑ. පව් රැස් කර ගන්න බෑ.
විවාහ උනාට පස්සේ යුරේනි පතිවෘත්තාව ආරක්ෂා කරන්න හිතනවද? – අනේ නෑ. මොකද අදින් අවුරුදු 05කට පමණ පස්සේ වෙන දේවල් මම දන්නේ නෑ. බැඳපු මිනිහත් එක්ක ඉන්න පුළුවන් තරම් ට්‍රයි එකක් දෙනවා. මට ඕකට හරි උත්තරයක් දෙන්න බෑ.


අසරණ ජීවිත


Tuesday, October 10, 2017

රට යන්න ගිය සැමියා දවස් ගාණක් ඇද යට ඉදලා බිරිද දන්නෙත් නෑ පොලීසියත් පුදුම වෙයි

බිරිඳගේ අනියම් ඇසුරක් අතටම හසු කර ගැනීමට දින කිහිපයක් නිවසේ ඇඳක් යට සිටි සැමියෙකු පිළිබඳ මහනුවර ප්‍රදේශයෙන් වාර්තාවෙයි
සිද්ධිය මෙසේය
පොලිස් හදිසි ඇමතුම් 119 අංකයට කාන්තාවක් විසින් දෙන ලද ඇමතුමකට අනුව කියැවී ඇත්තේ තම නිවසේ නිදන කාමරයේ ඇඳක් යට කිසියම් නාඳුනන පුද්ගලයකු සැඟව සිටින බවකි
ඒ අනුව මහනුවර නගරයට නුදුරු පොලිස් ස්ථානයක නිලධාරීන් වහාම එහි ළඟා වී තිබේ
එහිදී ගෙහිමි කාන්තාව ප‍්‍රකාශ කර ඇත්තේ තම සැමියා දින කිහිපයකට පෙර විදෙස්ගත වූ බවත් තමා පියා සමග නිවසේ ජීවත් වන බවත්ය
රාත‍්‍රී මල් පහන් පූජා කිරීමට නිවසේ උඩුමහලට ගිය බවත් එම අවස්ථාවේ කිසියම් පුද්ගලයකු නිවසේ නිදන කාමරයේ ඇඳ යට සැඟව ඇති බව දුටු බවය
පොලිස් නිලධාරීන් ඇඳ යට පරීක්ෂා කොට සැඟව සිටි පුද්ගලයා එළියට ගෙන තිබේ. එහෙත් එම අවස්ථාවේ සියල්ලන්ම මවිතයට පත්ව ඇත්තේ විදෙස්ගත වීමට ගිය එම කාන්තාවගේ සැමියා එසේ සැඟව සිටීමයි
සිද්ධිය සම්බන්ධයෙන් ඔහු පොලිසියට ප‍්‍රකාශ කර ඇත්තේ බිරියගේ අනියම් ඇසුරක් පවතින බවත් එය අල්ලා ගැනීමට මෙසේ ඇඳ යට සැඟව සිටි බවත්ය
මෙවැනි මිනිසකු සමග තවත් දීග කෑමට නොහැකි යයි පැවසූ බිරිය එම අවස්ථාවේම ත‍්‍රිරෝද රථයක් ගෙන්වා ඇයගේ අනියම් සැමියා සොයා ගොස් තිබේ
පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Monday, October 9, 2017

සුරූපී ගුරුවරිය සහ විදුහල්පති වෑන් එක ඇතුලේ ලිංගිකව එකතු වී සිටින විටදී අතටම අහුවෙලා මෙන්න

වෙස්සගිරිය මාර්ගයේ වංගුව අසළ වෑන් රථය නවතාගෙන සිය විදුහලේම ගුරුවරියක සමග පෙම්සුව විඳිමින් සිටි අනුරාධපුර නගරයේ පාසලක විදුහල්පතිවරයෙකු පොලිසියට හසුවී ඔවුන්ට තරයේ අවවාද කර තිබෙනවා
විදුහල්පතිවරයා සහ ගුරුවරිය පසුගිය සිකුරාදා දිනයේ අවමඟුල් උත්සවයකට සහභාගී වන බව පවසා නිවෙස්වලින් පිට වී රාත්‍රිය වන තුරුම වෑන් රථයට වී පෙම්සුව විඳිමින් සිටියදීයි මෙසේ පොලිසියට හසුව ඇත්තේ
අනුරාධපුර පැරණි පූජා නගරයේ ඉසුරුමුණිය ආසන්නයේ පිහිටි වෙස්සගිරිය ලෙන් විහාරය ආසන්නයේ පිහිටි ප්‍රධාන මාර්ගයේ වංගුව අසළ රථය නවතාගෙන පෙම් සුව විඳිද්දි රාජකාරි කටයුත්තකට පණ්ඩුලගම ප්‍ර දේශයට යමින් සිටි පොලිස් නිලධාරින් දෙදෙනාට වෑන් රියේ සිටින දෙදෙනා පිළිබඳ සැක සිතී තිබෙනවා
පසුව විපරම් කරද්දි වෑන් රථයේ කිසිවෙකුත් පෙනෙන්නට නොසිටි නිසා විදුලි පන්දම් දල්වා එබිකම් කරද්දි විදුහල්පතිවරයා සහ ගුරුවරිය වෑන් රථය තුළ පෙම් සුව විඳින ආකාරය දැකගන්නට ලැබී තිබුණා
කෙසේ වෙතත් විදුලි පන්දම් දල්වා පොලිසිය විපරම් කරන අවස්ථාවේදීවත් මෙම යුවළට දැනී නොතිබූ බවද පොලිස් නිලධාරීන් දෙදෙනා පවසනවා

මේක අමුලික බොරුවක් මම ගවුම ඉස්සුවේ අතවර කරන්න නෙවෙයි මයිනා හොයන්නයි උසාවියම පිස්සු වට්ටපු දුෂණ නඩුව මෙන්න

පිහියක් රැගෙන කාන්තාවකට ලිංගික අතවර කරන්නට නිවසකට රිංගූ බව කියන අයෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී සැකකරුගේ නීතීඥයා සඳහන...