Monday, October 23, 2017

වසර 28ට පසු තමන්ගේ අම්මව බලන්න ආපු දියණිය තමන්ගේ අම්මා තනියම ජීවත්වුණු කුඩා නිවස බලෙන්ම අරගෙන අම්මව ගෙදරින් එළවලා දැම්මා .මෙවැනි දේ කරන දරුවන්ට කරන්න ඕනේ දේ



මෙවැනි දේ කරන දරුවන්ට කරන්න ඕනේ දේත් ඔබම තීරණය කරන්න
වැඩිහිටයන්ට සැලකීම ගෞරව කිරීම උතුම් ගුණාංගයක්. වසර 28 කට පසුව තම 81 හැවිරිදි මව බලන්නට පැමිණි බාල දියණිය සිය මව ජීවත් වන කුඩා නිවස බලහත්කාරයෙන් අත්සන් ලබාගෙන පවරාගත් ශෝචනීය පුවතක් පදියපැලැල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
එන්. එන්. පී. ජී. චන්ද්‍රවතී හාමිනේ නමැති මෙම මව දරුවන් හය දෙනෙකුගේ මවක්. ඒ දියණියන් තිදෙනෙක් සහ පුතුන් තිදෙනෙක්. මෙම මව දැනට වසර 08 ක පමණ කාලයක් කිසිඳු දරුවෙකුගේ හවුහරණක් නොමැතිව තනිව ජීවත් වෙනවා.එසේම මීට වසර 20 කට පෙර සිදුවූ ඇයගේ සැමියාගේ මළගමටවත් ඔවුන් සහභාගී වී නොමැත.
තම සැමියාගේ වියෝවෙන් පසුව කුලී වැඩ කරමින් ජීවිතය ගැටගසා ගත් ඇයට වැඩ කිරීමට තරම් ශක්තියක් නොමැත. මේ වන විට තමන්ට ලැබෙන ජ්‍යෙෂ්ඨ පුරවැසි දීමනාවෙන් ජීවිතය ගැටගසා ගන්නා ඇය පිළිබඳ සොයා බලන්නේ සිය බාල නැගෙනියක විසිනි.
ඇයට සිදුවූ මෙම අසාදාරණය ඇය පුවත්පතකට ප්‍රකාශකර තිබුනේ මෙලෙසින්.
“…හෝමාගම කලල්ගොඩ ප්‍රදේශයේ පදිංචි වී සිටින මගේ බාලම දියණිය අවුරුදු 28 කට පසුව මාව බැලීමට ඇයගේ අනියම් සැමියයි, ළමයිනුත් එක්‌ක ආවම මට පුදුම හිතුණා. දින දෙක තුනක්‌ ඉඳලා ඒ අය ආපසු ගියා. ඒ ගිහින් සති දෙකකට පසුව දෙවැනි වතාවටත් ආවා. ඒ ආව වතාවේදී ඇය කීවා “…අපි මේ ගේ කඩලා හදන්නයි හිතාගෙන ඉන්නේ. මේකට බාත්රූම් හදල, ටයිල් කරල දෙන්නම්. එතකල් ගෙදරට උඩින් ටකරම් දාලා පොඩි මඩුවක්‌ අම්මට හදල දෙන්නම්…” කියලා. මම ඒකට තදින්ම විරුද්ධ වුණා.
“…පදියපැලැල්ල නගරයට අලුතින් හදන පාලම ඉදිකරන්නේ අපේ ගෙදර ළඟින්. ඒවට අපේ ඉඩමත් අහුවෙන නිසා වන්දියක්‌ දෙන බවට ආරංචියි. මේ ආරංචිය ඇයටත් දැන ගැනීමට ලැබිල තියෙනවා. ඇය අවුරුදු 28 කට පස්‌සේ මාව බලන්ට ආවේ ඒ වන්දිය ලබාගැනීමට කියලයි මම හිතන්නේ.
“…දෙවැනි වතාවට ආවට පස්‌සේ එයා මට හෝමාගම ඇගේ ගෙදරට එන්න කියල බල කළා. ඊට පසු මම එහේ යන්න කැමති වුණා. මගේ ජ්‍යෙෂ්ඨ පුරවැසි දීමනාවත් ඇය අරන් ආපසු කොළඹ ගියා. ඊට දින දෙකකට පසුව මම තනියම කොළඹ බස්‌ එකේ පිටකොටුවට ගියා. දුව පිටකොටුවට ඇවිත් මාව ඇයගේ හෝමාගම ගෙදරට එක්‌කගෙන ගියා.
එහේ දින දෙකක්‌ විතර හිටියා. රෑට දාඩිය දාන නිසා ෆෑන් එක තදින්ම එළිවෙනකල් දාල තිබුණු හින්දා උදේ වෙනකොට මට හුස්‌ම ගැනීමට අපහසු වී හොඳටම අසනීප වුණා. පසුව මම හෝමාගම රෝහලට ඇතුළු කළා. රෝහලේ දින 07 ක්‌ නැවතී හිටියා. ටිකට්‌ කපාගෙන ගෙදර ඇවිත් දින දෙකකට පසුව මගේ බාල දුවයි ඇයගේ අනියම් සැමියයි මාව පෙරකදොරුවෙක්‌ ළඟට එක්‌කගෙන ගියා.
ඒ වන විටත් මම අසනීප ගතියෙන් හිටියේ. ඒ අය මට කීවා මගේ ගෙදර ඒ ගොල්ලන්ට ‘උපකාරෙට’ ලියල දෙන්ට කියලා. මම ඒකට අකමැති වුණා. එතකොට පෙරකදොරු මහත්තයා කීවා “අම්මා බයවෙන්ට එපා. අම්මට ඕනැ වෙලාවක මේක අවලංගු කරන්ට පුළුවන්…” කියලා. දුවයි – සැමියයි දිගින් දිගටම බල කළ නිසා මම බයටම අත්සන් කළා.
ඔප්පුව ලියාගෙන දින දෙකකට පසුව මම නුවරට ගෙනත් දාල ඒ අය ගියා. මම තනියම පදියපැලැල්ලට ආවා. හැබැයි මට ගෙදර මුල් ඔප්පුව දුන්නේ නැහැ. මගේ සහෝදරියෝ කීවා මාව රවටාගෙන ගෙදර ලියාගෙන තියෙනවා කියලා. මට මුල් ඔප්පුව අවශ්‍ය නිසා ඒ ගැන මතුරට පොලිසියට පැමිණිලි කළා. ඊට පසුව දුව මතුරට පොලිසියට ගෙන්නුවා. එතැනදී දුව කීවා “මට මුල් ඔප්පුව දෙන්ට බැහැ කියලා”. මට ෆොටෝ කොපියක්‌ දුන්නා.
ඒ ඔප්පුවට අනුව වංචනිකව මගේ ගෙදර ලියාගෙන තිබෙන බව පැහැදිලියි. දැන් දුවගේ අනියම් සැමියා දුරකථනය මඟින් මට හැමදාම මරණ තර්ජන කරනවා. ගෙදර ආපහු ඕනෑනම් ලක්‌ෂ අටක්‌ දීපන් කියලා…” අසරණ මට කොහෙන් ලක්‌ෂ ගාණක්‌ මුදල් දෙන්නද? පොලිසිය කියන්නේ දිසා අධිකරණයේ නඩුවක්‌ පවරන්න කියලයි
ඒ අය කීවා අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කරන්න කියල. තනි මම මොනව කරන්නද? මේ ගැන මම පුතාලට දැන්නුවම ඒ අය කියනවා ගෙදර ලියල දුන්න නම් එයත් එක්‌කම බලාගන්න කියලා. මට දැන් තනියම යන්න අමාරුයි. ඇවිද ගන්නත් බැහැ. මම අධිකරණ ඇමැතිතුමියගෙන් ඉල්ලා සිටින්නේ මට සිදුවුණු මේ අසාධාරණය ගැන හොයල බලලා අසරණ මට පිහිටක්‌ වෙන්න කියලයි”.

No comments:

Post a Comment

මේක අමුලික බොරුවක් මම ගවුම ඉස්සුවේ අතවර කරන්න නෙවෙයි මයිනා හොයන්නයි උසාවියම පිස්සු වට්ටපු දුෂණ නඩුව මෙන්න

පිහියක් රැගෙන කාන්තාවකට ලිංගික අතවර කරන්නට නිවසකට රිංගූ බව කියන අයෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී සැකකරුගේ නීතීඥයා සඳහන...